Galaxy s anycall korean version phone එකට international version එක දාගන්නා ආකාරය.



මුලින්ම කියන්න ඕන මේක කරද්දි වෙන අතුරු ආබාද වලට මම වග කියන්නෙ නෑ.
ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි.

අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.මුලින්ම ඔයාල ඔයාලගේ Galaxy s anycall එකට හරියන USB Drivers හොයාගන්න ඕනිනේ.

ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.


‍ Firmware එක Flash කරගන්න Software එකක් ඕනි වෙනවා.ඒක Download කරගන්න.


මේ Firmware එකත් Download කරගන්න.


Extract කරනකොට passward එකක් ඉල්ලනවා.

passward :- elunchen.combycambodia


දැන් දෙවෙනියට Download කරගත්ත Flash කරන Software එක open කරගන්න. 

එවිට පහත ආකාරයේ window එකක් ඔබට දකින්න පුලුවන් වෙයි. 



මෙම windo එකේ Files[Download] යන Category ඇති PDA යන butten එක මත click කරන්න.

click කිරීමෙන් අනතුරුව ඔබට file එකක් තේරීමට අවස්තාවක් ඇති window එකක් ලැබේ.

එමගින් ඔබ විසින් Extract කරගන්නා ලද Flash File එක හෙවත් M110s Fix Korea By EngChung.tar යන ෆයිල් එක තෝරන්න.එවිට පහත පරිදි දිස්වේ.



Phone එක ක්‍රියා විරහිත කොට එහි ඇති බැටරිය ගලවා නැවත බැටරිය දමන්න.

දැන් Home((මැද බට්න් එක)) සමග Power Butten එකවර තත්පර 5ක් පමණ ඔබාගෙන සිටින්න.

දැන් Phone එක පහත ආකර Mood එකකට පැමිණනු ඇත.




මෙම Menu එකට පැමිනීමෙන් අනතුරුව Phone එක Data Cable එක මගින් පරිගණකයට සම්බන්ද කරගන්න.

මද වෙලාවකින් අනතුරුව Drivers Install කරගෙන ඇති නම් පරිගණකයෙන් Phone එක හදුනාගනු ඇත.

හදුනාගත් පසු ඔඩින් Software එක පහත ආකාර දිස්වෙනු ඇත.




දැන් ඔඩින් වල ඇති Start යන Butten එක මත Click කරන්න.

එවිට විනාඩි 5ක් හෝ 10ක් පමණ වන තෙක් Flash වීම සිදු වේ.

Flashවී අවසානයේ දුරකතනය ඉබේම Restart වේ.

දැන් ඔබ සාර්තක ලෙස ඔබගේ කොරියන් Galaxy S Anycall එක International එක කරගෙන අවසානය.

වෙනදා ෆෝන් එක ඔන් වනවාට වඩා යම් වැඩි කාලයක් පලමු Boot වීමේදි ගනී.

එම නිසා ෆෝන් එක විනාඩි 10ක් වගේ කාලයක් ඇතුලත ON වීම සිදු වේ.

පලමු Boot වීමට වැඩි කාලයක් හෙවත් විනාඩි 10ක පමණ කාලය යන නිසා තැති නොගන්නා ලෙසටත් බැටරිය ගැලවීමෙන් වලකින් ලෙසටත් කාරුණිකව දන්වා සිටිනවා.

මද වේලාවකින් පසුව ඔබගේ දුරකතනය Boot වේ.

දැන් ඉතින් වැඩේ ගොඩ..









0 comments: