Feature news

Ebay ගනුදෙනු කිරීමට පහසුම මග. (Sampath Bank Web Card)


Ebay ගනුදෙනු කිරීමට පහසුම මග.

Sampath Bank Web Card








මං හිතනවා දැන් හැමෝම eBay සහ PayPal ගිණුම් හදාගෙන ඇති කියලා. අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් WEB CARD එක.



මේ තියෙන්නෙ සම්පත් Webcard එක.



මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු.







* සම්පත් Webcard කියන්නෙ මොකක්ද?

සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.



* මෙය ලබාගන්න පුළුවන් කාටද?

අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)


* කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?

රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.



* කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?

සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.



* අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?

සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)
(මෙම මුදල කලින් කලට වෙනස් වෙනවා, ඒ නිසා සම්පත් බැංකුවට ගිහින් වැඩි විස්තර ලබා ගන්න.)



*ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?

ක්‍රම දෙකකින් පුළුවන්.
ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.



*Top up කළ හැකි අවම මුදල කොපමණද?

එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.



*මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?

නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්.
 (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)



*කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?

0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.



*කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?

ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.
 (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)



*කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?

කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.


*වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? 
ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?


ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.



Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?

(Click කරන්න)

Learn more »

Ebay යනු කුමක්ද? මුලසිට සරලව.









Ebay කියන්නේ මොකක්ද?
  • eBay එකේ ලෝකෙ සියලු රට වලින්ම පහේ buyers ලා සහ sellers ලා ගොඩක් ඉන්නවා.Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ වල විස්තර සහ මිල ගණන් eBay එකට ඇතුලත් කරන එක. එතකොට buyers ලට පුළුවන් Ebay ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න. 


Ebay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
  • ඕනි කෙනෙකුට පුලුවන්. 


eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
  • Ebay කියන්නේ වෙබ් අඩවියක්ම පමනයි. ඔයා seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් ගත්ත කියලා හිතුවොත්, ඒ seller ජිවත් වෙන රටේ ඉදන් තමයි ඒ භාණ්ඩය ඔයාට එවන්නේ. ඒ කියන්නේ seller ඉන්නේ USA වල කියලා හිතමුකො. එතකොට ඔයා oder කරපු භාණ්ඩය ඔයාට එන්නේ USA වල ඉදන්. 



eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද? 
  • සාමාන්‍යයෙන් දින 14 - 21ක් විතර යනවා. එකේ seller ගේ රට අනුව වෙනස් වෙනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා. 




eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
  • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.



eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කොහොමද?
  • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා රේගුවේ,තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.



eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
  • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.


Paypal ගිනුමක් සදාගැනීමට.





PayPal කියන්නෙ මොකක්ද?
  • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි. 

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා?
  1. eBay ගිණුමක් තිබිය යුතුයි. 
  2. PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි. 
  3. අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. 

මේ ඔක්කොම අවශ්‍යතා සම්පුර්ණ කර ගන්න.
මීලග ලිපියෙන් හමුවෙමු.





Learn more »

Call of Duty Modern Warfare 3


Call of Duty Modern Warfare 3

Direct Download Link එක සමග







System Requirements








Download කර ගන්න.



Learn more »

Assassin's Creed Rogue


Assassin's Creed Rogue

Direct Download කර ගන්න පුළුවන්.






System  Requirements









Download කරගන්න.

මෙන්න Link එක


Learn more »

Zombie Army Trilogy


Zombie Army Trilogy

Direct Download කර ගන්න පුළුවන්.






system requirements














Direct Download කර ගන්න පුළුවන්.

Learn more »

ඔයාගේ Computer එකට ඔයා නැති අතරේ කව්රුහරි Log උනාද කියලා බලාගන්න





මේ software එක 57KB තරම් කුඩා software එකක්. මේකෙන් පුළුවන් ඔයා කොයි තරම් වෙලාවක් computer එකට Log වෙලා ඉදිය ද, ඔබ නැති අතරේ කව්රුහෝ  computer එකට log උනාද? කොයි තරම් වෙලාවක් එහෙම Log වෙලා ඉදලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් සරලයි.portable Software එකක් මේක. 

Download කරලා බලන්න.




Learn more »

AVG Internet Security 2015 Key එකත් සමග මෙන්න.




AVG ගැන කියන්න දෙයක් නැ කියල මන් හොදටම දන්නවා. 

මේ Virus Guard එක ගැන නොදන්නා කෙනෙක් නැනේ.

key එකත් එක්කම තියෙයි.
Download කරලම බලන්න.



KEY එක මෙතනින් ගන්න.


Learn more »

Sampath Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද?




 Sampath Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද?


1. PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal log වෙන්න.




තවමත් ඔබ PayPal ගිණුමක් සාදාගෙන නැත්නම්, 
ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දී PayPal ගිණුමක් සාදා ගැනීම සදහා 
පහත CLICK HERE Link එකට පිවිසෙන්න.


                                     (මේ සදහා ඔබගේ සත්‍ය තොරතුරු පමණක්ම ඇතුල් කරන්න)



2. රූපයේ දක්වා ඇති පරිදි My Account > Profile >  Add/Edit Credit Card තෝරන්න.



3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ඔබන්න.

4. එවිට ඔබට දිස්වෙයි මෙන්න මේ වගේ form එකක්. මේ එකින් එකක් පුරවන්නෙ කොහොමද කියලා පහත තියෙනවා.



First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.

Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.

Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)

Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.

Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. 
(VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.

Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).

ඔය රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.



5. මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ඔබන්න.

මෙලෙස එබූ පසු කිසියම් දෝෂ පණිවිඩයක් දිස් උනොත් එයින් හැඟවෙන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ කියන එක. දෝෂ පණිවිඩයක් දිස් නොවෙනවා නම් ඔබේ කාඩ්පත දැනටමත් PayPal විසින් වලංගු කාඩ්පතක් ලෙස බාරගෙන හමාරයි.

හැබැයි ඉතිං කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ.  ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.


PayPal වෙත link කළ Webcard එක confirm කරන්නෙ කොහොමද?

PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්‍රකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. ඔන්න ඕකයි සිද්ධිය.

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.


1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)






2. මීළඟට දිස්වන මෙන්න මේ කවුළුවෙන් අපූරුවට දිස්වෙනවා අපි දැනට කරලා තියෙන දෑ සහ අපි මීළඟට කරන්න ඕනා දෑ.






ඔවුන් අපිට කියනවා මීළඟට අපේ බැංකු ප්‍රකාශනය පරීක්‍ෂා කරලා PayPal code එක ලබාදෙන්න කියලා. නමුත් අපේ මේ සම්පත් Webcard එක සඳහා අපිට මුද්‍රිත බැංකු ප්‍රකාශනයක් ලබාගැනීමේ පහසුකම හිමිවෙන්නෙ නෑ. එහෙනං කොහොමද PayPal code එක හොයාගන්නෙ?  හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නෙ 0112300604 යන අංකයෙන් සම්පත් card center ඇමතීම පමණයි.  Card Center අමතලා ඔබ කියන්න ඔබට ඔබේ Webcard එකේ PayPal code එක ලබාදෙන්න කියලා. එවිට ඔවුන් ඔබෙන් ඔබේ Webcard අංකය ලබාගෙන ඔබට PayPal code එක ලබා දේවි.


3. එලෙස ලබාගත් අංක හතරකින් යුත් එම PayPal code එක ඔබ ඉහත කවුළුවෙදි Continue යන්න එබූ පසු දිස්වන පහත කවුළුවෙදි ඇතුලත් කරන්න.







මේ කවුළුවෙදි Resend PayPal code යන්න එබුවොත් නැවත වරක් ඔබෙන් $1.95ක මුදලක් කැපෙනවා. ඒ නිසා වැරදිලාවත් ඒක ඔබන්න එපා. (එබුනත් අවුලක් නෑ ඉතිං, ආයෙත් ඒ මුදල කොහොමත් ඔබට ලැබෙනවා.) ඉහත කවුළුවෙදි PayPal code එක ඇතුල් කර Submit යන්න එබූ පසු ඔබේ Webcard එක ඔබේම බව තහවුරු වී ඇති බව ඔබට දිස් වේවි.

සුභපැතුම්! !!!!!!!!

දැන් ඔබට ඔබේ PayPal ගිණුම භාවිතා කර eBay ගණුදෙනු කරන්න පුළුවන්.











Learn more »