Paypal ගිණුමක් සකස් කර ගැනීම.


Paypal ගිණුමක් සකස් කර ගැනීම 



අන්තර්ජාලයේ මුදල් ගනදෙනු කිරීම සඳහා ලෝකයේ තියෙන ප්‍රධානම බැංකුවක් ලෙස Paypal හඳුන් වන්න පුලුවන්.ඒ කියන්නෙ අපිට Paypal භාවිතා කරල ගෙවීම කරල භාණ්ඩ මිලට ගන්න පුළුවන්.ඒ වගේම වෙනත් වෙනත් ගෙවීම් කරන්නත් පුළුවන්.තවද මෙය හරහා මුදල් ගෙන්වා ගැනීමටද පුළුවන්.නමුත් අන්තර්ජාලයේ ගනදෙනු කරන්නෙක් හැටියට අනිවාර්යයෙන් ඔබ සතුව Paypal ගිණුමක් තිබිය යුතුයි.මන්ද නිරන්තරයෙන් ඔබට විවිධ ගෙවීම් කිරීමට සිදුවන නිසා.වයස අවුරුදු 18ට වැඩි අයට අයදුම් කලහැකිය.

පහතින් දැක්වෙන්නෙ Paypal ගිණුමක් සාදා ගන්නා ආකාරය.





 ලැබෙන Window එකෙන් Personal යටතේ තියෙන Get Started Click කරන්න.





දැන් Open වෙන Window එක සම්පූර්ණ කරන්න.
 ඔයාගෙ නිවැරදිම තොරතුරු ලබා දෙන්න.
නැත්නම් ප්‍රශ්න ගොඩක් ඇතිවෙයි.



1) Paypal Account එක සඳහා නිවැරදී Email Address එකක් ලබා දෙන්න.

2) ඔබේ ප්‍රදේශයේ Postal Code එක දන්නේ නැතිනම් ඒක බලා ගන්න පහල තියෙන Link එකෙන් පිවිසෙන්න.

Postal Codes of Sri Lanka



3) ඔයාගෙ දුරකථන අංකය ලබා දෙන්න.

4) මෙතනදි කරන්න තියෙන්නෙ ඔයාගෙ Credit Card ගැන විස්තර ඇතුලත් කරන එක.
බය වෙන්න එපා.ඒකෙන් සල්ලි කැපෙන්නෙ නෑ.මේ අවස්ථාවෙදි අපි Credit Card එක Add කරන්නෙ නෑ.ඒක පස්සෙ කරනව.ඒක නිසා "Link my credit card.........." කියන එකට ඉස්සරහින් තියෙන "හරි" ලකුණ ඉවත් කරන්න.

5) අපි Credit Card එක ගැන විස්තර පස්සෙ ඇතුලත් කලාට මේ CSC Number එක ගැන විස්තර දැම්ම කියනවා.මේක ඉතාම වැදගත්.ඔයාගෙ Credit Card එකේ එහෙමත් නැත්නම් Visa Debit Card එකේ හෝ Web Card එකේ පිටිපස්සෙ තියෙනව ඉලක්කම් 3 ක අංකයක්.අන්න ඒක තමයි ඔය CSC Number එක කියන්නෙ.පහල තියෙන රූපය බලන්න.



ඔය පොඩි කොටුවක් අතුලෙ තියෙනෙ.සාමාන්‍ය Card එකක මේක පිටිපස්සෙ තියෙන ඉලක්කම් 3 ක අංකයක්.ඒත් ඔබ භාවිතා කරන්නෙ American Express(AM-EX) Card එකක් නම් මේක Card එක ඉදිරි පැත්තෙ තියෙන ඉලක්කම් 4 ක අංකයක්.


6) දැන් "Agree and Create Account " Click කරන්න.


දැන් ඔයාව Security Check එකකට යොමු වේවි.




ඔයාට ලැබෙන කොටුව අතුලෙ තියෙන Code එක ඊට උඩින් තියෙන Text Box එකේ Type කරන්න.


ඊට පස්සෙ ලැබෙන Window එකේ තියෙන්නෙත් Credit Card එක අතුලත් කරන්න.අපි ආයෙත් ඒක පස්සට තියල "Go to my Account" Click කරන්න.





දැන් ඔයාගෙ Account එක තියෙන විදිය තමයි පහලින් පේන්නෙ.




1) මත Click කරන්න.මේකෙන් කෙරෙන්නෙ ඔයාගෙ Email එක Confirm කරන එක.දැන් පහල පේනව වගේ Window එකක් Open වේවි.



1) දැන් කියන්නෙ ඔයා Paypal හි Register වෙන්න භාවිතා කරපු Email Address 
එකට Email එකක් යවල තියෙන බව.ඒ Email එක Open කර ගන්න.



ඉහත දැක්වෙනව වගේ Code එකක් ඔයාටත් දැක ගන්න පුළුවන් වෙයි.
ඒක Copy කර ගන්න.


2) දැන් "Click here if the........" කියන තැන Click කරන්න.




දැන් ඉහල පෙන්වලා තියෙන ආකාරයට අර Copy කරගත්ත Code එක 
Paste කරන්න.ඊට පස්සෙ Confirm Click කරන්න.


දැන් නැවත ඔයාගෙ Account එකට යන්න.


2) "Add Credit card" Click කරන්න.දැන් තමයි අපි Credit card එක Add කරන්න යන්නෙ.


1) Credit Card Number එක ලබා දෙන්න.සාමාන්‍යයෙන් එක අංක 
16 කින් සමන්විතයි.

2) Credit Card Number එක තියෙන තැනම අති Credit Card එක
Expire වෙන Date එක.ඒකත් ලබා දෙන්න.

3) CSC Number එක ලබා දෙන්න.

4) ඔයාට Address කීපයක් තියෙනව නම් සුදුසු Address එක තෝරන්න.

දැන් Add Card Click කරන්න.දැන් නියමාකාරයෙන් Credit Card 
එක Add කරගෙන අවසානයි.

නැවතත් ඔබේ Account එකට යන්න.


3) "Set up your Security question" Click කරන්න.මේක කරන්නෙ යම් හෙයකින් ඔබට ඔබේ Password එක අමතක වුනොත් නැවත Account එක Recovery කර ගන්න.



මේ ටික නියමාකාරයෙන් සම්පූර්ණ කරල Save Click කරන්න.


මේ වනවිට ඔබ ඔබේ Paypal Account එක සාර්ථකව සාදාගෙන අවසන්.දැන් ඔබ අන්තර්ජාලයේ ගනදෙනු කල හැකිය.


3 comments: