Pen Drive එකෙන් Windows Boot කරන්න..




මුලින්ම මේ software එක Download කරගන්න.


Pen එක Computer එකට Connect කරන්න.
රූපයේ පරිදි Pen එක Format  කරන්න.



Download කරගත් UNetbootin Software එක Run කරන්න. 
දැන් disk image කියන option එක තෝරන්න. 
දැන් කරන්න තියෙන්නේ ඔබේ පරිගණකයෙහි තිබෙන(Windows 7/Windows XP/Ubuntu/Windows 8) ISO file එක තිබෙන තැන පෙන්වන එක . 
Type එක විදියට Usb Driveතෝරන්න. 
මීළඟට pen එක තිබෙන drive එක select කරන්න.



ඉහත ආකාරයට සකස් කර ගැනීමෙන් පසුව ok Button එක Click කරන්න. 
ඉන්පසුව win 7 iso file එක pen එකට extract වෙන්න මිනිත්තු 10 වගේ කාලයක් ගත වෙනවා. 



Files ටික pen එකට ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම පරිගණකය Reboot කරන්න. 
දැන් පරිගණකය start වෙනවාත් සමගම Bios menu එකට පිවිසීමට අදාළ key එක ඔබන්න( F1, F2, F12, ESC, Backspace.Del , or Escape). 
Boot menu එකට පිවිසීමෙන් අනතුරුව Boot Order එක මාරු කරන්න. 
USB එක First boot device එක විදියට හෝ default එක විදියට තෝරන්න. 
ඒ ආකාරයට තේරීමෙන් පසුව save changes and restart යන්න තෝරන්න.


දැන් ඉතින් සුපුරුදු විදියටම win 7 ඉන්ස්ටෝල් කර ගෙන යන්න.

එච්චරයි.
☺ ☺ ☺ ☺





0 comments: