Ebay යනු කුමක්ද? මුලසිට සරලව.









Ebay කියන්නේ මොකක්ද?
  • eBay එකේ ලෝකෙ සියලු රට වලින්ම පහේ buyers ලා සහ sellers ලා ගොඩක් ඉන්නවා.Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ වල විස්තර සහ මිල ගණන් eBay එකට ඇතුලත් කරන එක. එතකොට buyers ලට පුළුවන් Ebay ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න. 


Ebay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
  • ඕනි කෙනෙකුට පුලුවන්. 


eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
  • Ebay කියන්නේ වෙබ් අඩවියක්ම පමනයි. ඔයා seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් ගත්ත කියලා හිතුවොත්, ඒ seller ජිවත් වෙන රටේ ඉදන් තමයි ඒ භාණ්ඩය ඔයාට එවන්නේ. ඒ කියන්නේ seller ඉන්නේ USA වල කියලා හිතමුකො. එතකොට ඔයා oder කරපු භාණ්ඩය ඔයාට එන්නේ USA වල ඉදන්. 



eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද? 
  • සාමාන්‍යයෙන් දින 14 - 21ක් විතර යනවා. එකේ seller ගේ රට අනුව වෙනස් වෙනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා. 




eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
  • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.



eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කොහොමද?
  • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා රේගුවේ,තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.



eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
  • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.


Paypal ගිනුමක් සදාගැනීමට.





PayPal කියන්නෙ මොකක්ද?
  • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි. 

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා?
  1. eBay ගිණුමක් තිබිය යුතුයි. 
  2. PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි. 
  3. අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. 

මේ ඔක්කොම අවශ්‍යතා සම්පුර්ණ කර ගන්න.
මීලග ලිපියෙන් හමුවෙමු.





2 comments:

  1. Ebay ගිනුමක් හදන හැටි මගෙ ඉමෙල් ඒකට ඒවන්න

    ReplyDelete
  2. Ebay account akak hadanne kohomada kiyala dennna puluwanda?

    ReplyDelete