Ebay ගනුදෙනු කිරීමට පහසුම මග. (Sampath Bank Web Card)


Ebay ගනුදෙනු කිරීමට පහසුම මග.

Sampath Bank Web Card








මං හිතනවා දැන් හැමෝම eBay සහ PayPal ගිණුම් හදාගෙන ඇති කියලා. අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් WEB CARD එක.



මේ තියෙන්නෙ සම්පත් Webcard එක.



මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු.







* සම්පත් Webcard කියන්නෙ මොකක්ද?

සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.



* මෙය ලබාගන්න පුළුවන් කාටද?

අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)


* කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?

රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.



* කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?

සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.



* අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?

සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)
(මෙම මුදල කලින් කලට වෙනස් වෙනවා, ඒ නිසා සම්පත් බැංකුවට ගිහින් වැඩි විස්තර ලබා ගන්න.)



*ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?

ක්‍රම දෙකකින් පුළුවන්.
ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.



*Top up කළ හැකි අවම මුදල කොපමණද?

එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.



*මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?

නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්.
 (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)



*කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?

0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.



*කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?

ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.
 (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)



*කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?

කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.


*වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? 
ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?


ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.



Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?

(Click කරන්න)

0 comments: