Apple iPhone Unlock හැදින්වීම.




                 iPhone එක Lock නම් එය Unlock කරගැනීමට ප්‍රධාන වශයෙන් ක්‍රම 3 ක් තිබෙනවා.



                                              *    Jailbreak කිරීම මඟින් Unlock කිරීම.

                                              *  Gevey,Rebel වැනි SIM ආධාරයෙන් Unlock කිරීම. 

                                              *   Factory Unlock කිරීම.


  Jailbreak කර අන්ලොක් කිරීම මෙහි ලාභ ම ක්‍රමය යි.

 නමුදු ගැටලුව වන්නේ මෙම ක්‍රමය සහය දක්වන්නේ ඉතා සීමිත iPhone සංඛ්‍යාවකට පමණි. තවද iPhone එක restore හෝ Update කළ විට නැවත Lock වේ. සමහර විට Update කිරීමේ දී baseband එක ද Update වූවහොත් නැවත Unlock කිරීමට නොහැකි වේ. මෙම ක්‍රමය මඟින් Original iPhone,iPhone 3G,iPhone 3GS සහ baseband 1.59.00 සහිත iPhone 4 පමණක් unlock කළ හැකි ය.තවද මෙම ක්‍රමය iOS 6.1 තෙක් වූ iOS  සඳහා පමණක් සහය දක්වයි. මෙමඟින් කෙරෙන්නේ අදාළ උපාංගය jailbreak කොට 'UltrasnOw' නැමැති Tweak එක ස්ථාපණය කිරීම යි.



Gevey,Rebel වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කිරීමේදී,

 Jailbreak කිරීමට වඩා වැඩි iPhone ප්‍රමාණයකට සහය දක්වනවා.මෙම සිම්පතක් එතරම් මිළ නොවන අතර මෙහිදී අපට සැම විටම පවතින නවත ම iOS අනුවාදයට Update කළ නොහැකි අතර 3G,4G MMS SMS වැනිදෑ භාවිතයේ දී ගැටලු ඇති වෙනවා. බටරිය ඉක්මණින් වියළී යාම,අයිෆෝනය රත් වීම මෙහි අතුරුඵල වනවා.


iPhone එකක් නිල වශයෙන් Unlock කිරීම තමා Factory Unlock කියන්නේ.

මෙය ඉතා මිළ අධික ක්‍රමයක් රුපියල් 3000 පමණ සිට 30,000 දක්වා වැනි මුදලක් එහෙත් මෙසේ Factory Unlock කිරීම මඟින් iPhone එක කිසිදු බාධාවකින් තොරව භාවිත කිරීමේ හැකියාව පවතිනවා.ලෝකයේ ඕනෑම රටක ඕනෑම සිම්පතක් මේ සමඟ ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර iPhone එක update කළ ද නැවත lock වන්නේ නැත.මෙහිදී යම් හෙයකින් ඔබ Unlock කිරීමට යන අයිෆෝනය සොරකම් කරන ලද/නැති වූ/දුරකතන බිල්පත් ගෙවා නැති එකක් නම එය blacklist වේ.එසේ blacklist වී ඇතිනම් අපට සමාන්‍යයෙන් Factory Unlock කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් වැය වේ.මෙසේ ඇපල් උපාංගයක් Factory Unlock කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩකරන දින 4ත් 16 ත් අතර ප්‍රමාණයක් ගත වේ.


0 comments: